අපේ කීර්තිමත් රජවරු 01

අපේ කීර්තිමත් රජවරු 01

පළමු වන විජයබාහු රජු

අනුරාධපුර රාජධානි අවසන් කරලමින් ක්‍රි.ව. 997 දී පළවන රාජ රාජ නම් චෝල නායකයා අනුරාධපුරය ආක්‍රමණය කරන ලදි ඔහුගෙන් පසු ක්‍රි ව 1017 දී රාජේන්ද්‍ර චෝල ලංකාවට පැමිණියේය. ඔවුන් අනුරාදපුරයේ අවසන් පාලකයා වූ පස්වන මිහිදු සිහසුනෙන් නෙරපා දැමුවේය.

චෝලයන් ඔවුන්ගේ රාජධානිය ලෙස පොළොන්නරුව තෝරා ගන්නා ලදි. එතැන් පටන් පොලොන්නරුව රාජධානිය ඇතුළු ප්‍රදේශ වල හින්දු බලපෑම වර්ධනය විය. උදාහරණ ලෙස, පොළොන්නරුව යුගය වන විට සදකඩ පහනෙන් ගවරූපය ඉවත් කිරීම හින්දු බලපෑම මත සිදු විය.

චෝලයන් සෑම විටම ඔවුන්ගේ පාලනය බාදා පමුණුවන රෝහන දේශය නිතර නිතර ආක්‍රමණය කරන ලදි. එහි දී ඔවුන් රාජ්‍යත්වය උරුම කුමාරවරුන් ඝාතනය කරන ලදි. මේ සමයේදී රෝහනයේ මහා ස්වාමි මොග්ගල්ලානා, ලෝකිත යන දෙපලට දරුවෙක් ලැබිණි. ඔහුගේ නම කිත්ති හෙවත් කීර්ති විය.

කිර්ති කුමරු රෝහන පුදේශයේ බලය ලබා ගැනීමට කටයුතු කල නමුත් ඔහුට විවිද ප්‍රාදේශීය නායකයන් ඊට ඉඩ ලැබුනේ නොමැත. නමුත් කීර්ති කුමරුට උපකාර කල පුද්ගලයන් සිටියේය. ඔහු නමින් සිත් නරු බිම් බුදල්නා විය. ඔහුට බුද්ධරාජ යන නමද පවසයි. බුදල්නාගේ උපකාර ඇතිව කීර්ති කුමරු කේෂ ධාතු කාශ්‍යප නමින් ප්‍රාදේශීය පාලනය ඝාතනය කල ක්‍රිව 1055 දී පලවන විජය බාහු නමින් කතරගම තම පාලන මධ්‍යස්තානය කර ගනිමින් රෝහණයේ රජ විය.

රුහුණේ රජකමට පත්වූ විජය බාහු රජු එකම අරමුණ වූයේ සොලී බලය රජ රටින් අතුගා දැමීමටයි. මේ සදහා සේනා සංවිධානය කිරීම රහුණෙන් ඇරඹුනි. මෙය දැනගත් සොලීන් තමන්ට විරුද්ධව නැගී එන බලය මර්දනය කිරීමට කිහිපවරක් රෝහණය ආක්‍රමණය කලහ. නමුත් උපක්‍රමශීලී වූ විජය බාහු රජු ඒ සියල්ලන්ගෙන් බේරී පොලොන්නරුව ආක්‍රමණය කලේය. මෙසේ පලමු වර පොලොන්නරුව අතිපත් කර ගත්තේය. විජය බාහු රජුට එම ජයග්‍රහණය බුක්ති විදීමට හැකි වූයේ ටික කලකි. එයට හේතුව වූයේ සොලී අධිරාජ්‍යා විසින් විශාල සේනාවක් පොලොන්නරුවට එවීමයි. එයට මුහුණ දීමට නොහැකි වූයේ විජය බාහු රජු නැවත කෑගලු දිස්ත්‍රික්කයේ වාකිරිගල ප්‍රදේශයට පසු බැස්සේය.

සේනා සංවිධානය කල විජය බාහුරජු ක්‍රිව 1070 දී නැවත පොලොන්නරුව ආක්‍රමණය කලහ. ඒ සදහා රජු බලවත් සේනා 3ක් ආක්‍රමණය කලේය. එයින් එක් කණ්ඩායමක් මහා තිත්ත වරාය වටලා සොලීන්ට ලැබෙන අමතරව සහය වලකාලීය. තවත් කන්ඩායමක් නැගෙනහිර වෙරල ඔස්සේ ගොස් සොලී බලය විනාශ කර පොලොන්නරුවට ලංවීය. තෙවන කන්ඩාටම රට මැදින් මලය දේශය හරහා පොලොන්නරුවට ලංවීය. වසර 58ක් සොලී බලයට පත්ව තිබූ පොලොන්නරුව  පලමුවන විජය බාහු රජු නිදහස් කර ගත්තේය.

විජය බාහු රජුගෙන් ඉටු වූ සේවා

  • පලවන විජය බාහු රජුගෙන් සිදු වූ විශිෂ්ටතම සේවාව වන්නේ සොලී බලයෙන් රට නිදහස් කර ගැනීමයි.
  • විනාශ වී තිබූ ආර්ථිකය නගා සිටුවීමට කටයුතු කිරීමයි.
  • විනාශ වූ වැව් අමුණු ප්‍රතිසංස්කරණය කිරීම.

ආගමික කටයතු

  • වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය
  • පොලොන්නරුවේ දලදා මාලිගාවක් ඉදිකිරීම
  • උපසම්පදා භික්ෂූන් වහන්සේලා බුරුම ද්ශයෙන් වඩමවා උපසම්පදා කර්මය පිහිටවීම.
  • ශ්‍රී පාදය වන්දනාකරන්නන්ගේ පහසුව මග දිගට මාර්ග සලකුණුද විශ්‍රාම ශාලාද ඉදි කලේය.

විදේශ ප්‍රතිත්ති

නැවත චෝලයන් ලක්දිව ආක්‍රමණය කිරීම වලකාලීම සදහා චෝල අධිරාජ්‍යෙය් සතුරන් ලෙස සිටි පාණිඩ දේශයේ කුමරෙකුට සිය නැගණිය වූ මිත්තා විවාහ කර දීය. වාජය රජු කාලිංග දේශය සමග ද සබදතා පවත්වා ගත්තේය. ඒ අනුව කාලිංග කුමරිය වූ තිලෝක සුන්දරී තම මෙහෙසිය කර ගත්තේය.

විජය බාහු රජතුමා ගැන දැන ගත හැකි මූලාශ්‍ර වන්නේ,

  • මහාවංශය
  • පනා කඩුව තඹ සන්නස
  • අඹගමුව ශිලා ලිපිය

කතෘ : dilmi diwmini
ලිපිය : තොරතුරක්
කියවූ ගණන : 1,765
කැමති ගණන : 0