යුගල පද ( 1 කොටස )

යුගල පද ( 1 කොටස )

සිංහල වියරණ යනු සිංහල බසෙහි වැකි සහ වදන් සෑදිය යුතු අයුර පිලිබඳ කියැවෙන නීති සංග්‍රහයයි. පළමු වියරණ සංග්‍රහය ලෙස හැඳින්වෙන්නේ සිදත්සඟරාව යි.

යුගල පද වලදී වචන අරුතින් සමාන හා අරුතින් සම නොවන පද ඇත. සමහර යුගල පදවල දෙවන පදය කිසිම තේරුමක් නොමැති වුවත් මුල් පදයේ අර්ථය සරු කිරීමක් ඇති බව පෙනේ.

සිංහල භාෂාව භාවිතෙය්දී ඇතැම් යෙදීම් වඩාත් ප්‍රාණවත් වන්නේත් රසවත් වන්නේත් එ එ පද තනිව යෙදීමෙන් නොව එ පදයත් සමග තවත් ගැලපෙන පදයක් ෙයදීමෙනි.

එවැනි පද හඳුන්වන්නේ "යුගල පද" යනුවෙනි.

යුගල පද යෙදීමෙන් ප්‍රකාශනය රසවත් වේ, අලංකාර වේ. ලේඛනයේදී යුගල පද තනි පදයක් ලෙස ලිවීම සාමානය පළිවෙළයි.


 

සමානාර්ථ පද

මුල් පදයට සමාන අර්ථ ඇති පදයක් දෙවනි පදය ලෙස යොදාගත් යුගල පද වේ.

:උදාහරණ

: * සමිතිසමාගම්

: * යානවාහන

: * මිලමුදල්

: * කාසිපනම්


 

විරුද්ධාර්ථ යුගල පද

මුල් පදයට විරුද්ධ අර්ථ දෙන පදය දෙවනි පදය ලෙස යොදාගත් යුගල පද වේ.

: * බඩුමුට්ටු

: * ඉඩම්කඩම්

: * ඉඟිබිඟි


 

සමානාර්ථ යුගල පද


මිල - මුදල්
වැහි - වරුසා
බණ - දහම්
යාන වාහන
‍රැකී - රක්ෂා


 

විරුද්ධාර්ථ යුගල පද

දුක - සැප
හොද - නරක
ඈත - මෑත
බාල - මහළු
අග - මුල


 

එක් පදයක් අර්ථය සහිතය, අනෙක් පදය අර්ථ රහිතය

තොවිල් - පවිල්
තරහ - මරහ
බාර - හාර
ගමන් - බිමන්


 

අර්ථ රහිත යුගල පද

ලට - පට
වං - හුං
ඕප - දූප
අනං - මනං
අඩුම - කුඩුම

 

යුගල පද ( 1 කොටස )

  1. අතට - පයට
  2. අද - හෙට
  3. අග - මුල
  4. අත - මිට
  5. අබු - සැමි
  6. අත - පය
  7. අත - හිත
  8. අකා - මකා
  9. අහළ - පහළ
  10. අවි - ආයුධ
  11. අබල - දුබල
  12. අවුල් - වියවුල්
  13. අඩා - දොඩා
  14. අඩ - දබර
  15. අස් - පස්
  16. අග - මුල
  17. අනුලෝම - ප්‍රතිලෝම
  18. අන්න - අනන්ත
  19. අල්ප - අනල්ප
  20. අල්පශූත - බහුශූත
  21. අභිනව - පැරණි
  22. අභිමුඛ - අනභිමුඛ
  23. අචේතනික - සචේතනික
  24. අභිමානය - අවමානය
  25. අහංකාර - නිරහංකාර
  26. අවුල් - නිරවුල්
  27. අතට - පයට
  28. අද - හෙට
  29. අදි - මදි
  30. ආවාට - ගියාට
  31. ආ - ගිය
  32. ආටක - නාටක
  33. ආරාධිත - අනාරාධිත
  34. ආදායම් - වියදම්
  35. ආරක්ෂාව - අනාරක්ෂාව
  36. ආරම්භය - අවසානය
  37. ආර්ය - අනාර්ය
  38. ආශ්වාස - ප්‍රාශ්වාස
  39. ආගමන- විගමන
  40. ආනයන - අපනයන
  41. ආයත - නිර්යාත
  42. ආ - ගිය
  43. ඈත - මෑත
  44. ඇද - කුද
  45. ඈලි - මෑලි
  46. ඇතිවෙනවා - නැතිවෙනවා
  47. ඇවතුම් - පැවතුම්
  48. ඇයි - හොදි
  49. ආණ්ඩු - මාට්‍ටු
  50. ඇත්ත - නැත්ත
  51. ඇප - කැප
  52. ඇනුම් - බැනුම්
  53. ඇළ - දොළ
  54. ඇත - මෑත
  55. විහිළු - තහළු
  56. වම - දකුණ
  57. රැවුම් - ගෙරවුම්
  58. ලක - ලැහැස්ති
  59. ඉහ - නිකට
  60. ඇත්ත - නැත්ත
  61. ගරොස් - පගරොස්
  62. ඔප්පු - තිරප්පු
  63. අදි - මදි
  64. අල්ලාප - සල්ලාප
  65. හරස් - පරස්
  66. අපල - උපද්‍රව
  67. උස් - පහත්
  68. කඩා - වඩා
  69. ආණ්ඩු - මට්ටු
  70. ඔන්න - මෙන්න
  71. අණ - වින
  72. පාර - ගතොට
  73. දැහැගමන් - ගසගමන්
  74. රෑ - පාගන්
  75. රළු - පරළු
  76. ඇවතුම් - පැවතුම්
  77. ආටක - නාටක
  78. ඇයි - හොඳය
  79. සමගි - අසමගි
  80. සමත් - අසමත්
  81. සරල - සංකීර්ණ
  82. සිල් - දුසිල්
  83. සුදන - දුදන
  84. සුසිරිත් - දුසිරිත්
  85. ස්වභාවික - කෘතිම
  86. සතුරු - මිතුරු
  87. සභ්‍ය - අසභ්‍ය
  88. සමතාව - විෂමතාව
  89. දැන - කියා
  90. දිගින් - දිගට
  91. දිග - පළල
  92. දුගී - මගී
  93. දුර - බැහැර
  94. දුර - ළග
  95. දුගී - ධනවත්
  96. දක්ෂ - අදක්ෂ
  97. දුෂ්ඨ- ගුණවත්
  98. සුදන- දුදන
  99. සංග්‍රහය- නිග්‍රාහය
  100. ශීලාචාර- අශීලාචාර
  101. නිල - තල
  102. ණය - තුරුස්
  103. නුවණ - අනුවන
  104. නින්දා - ප්‍රසංසා
  105. මිනිස් - නොමිනිස්
  106. මනාප - අමනාප
  107. මස්තකය - පාදක
  108. මොට - තියුණු
  109. මුදුන - පතුල
  110. වල් - පල

 

සෙනරත් පරණවිතාන මහතාට අනුව

සිංහල භාෂාව ඉන්දු - ආර්ය ගණයේ භාෂාවක් ලෙස හඳුන්වා ඇත. කෙසේ මුත් කිනම් වකවානුවක සිට අක්‍ෂර භාවිත කර තිබේද යන්න තවමත් ගැටලු සහගත තත්ත්‍වයකි.

මේ නිසා 19 වන සියවසේ පටන් යුරෝපීය මෙන්ම දේශීය උගතුන් සිංහලයේ සම්භවය පිළිබඳව විමර්ශනය කොට ඇත. වාග්විද්‍යාවේ එන විද්‍යාත්මක ක්‍රම උපයුක්ත කර ගනිමින් එකී පර්යේෂණ සිදු කර ඇත. ඉන් එළඹුණු නිරීක්‍ෂණ අංග දෙකකට බෙදා දක්වා ඇත.

භාෂාව යනු මානවයා විසින් ඔවුන් අතර අදහස් හුවමාරු කර ගන්නා වූ ප්‍රධානතම මාර්ගය වේ. වාග් විද්‍යාවේදී භාෂාව ලෙස අදහස් කරන්නේ ශබ්ධ උච්ඡාරණය හා ශ්‍රවණය මගින් මිනිසුන් අතර අන්‍යෝන්‍ය වශයෙන් අදහස් හා හැඟීම් හුවමාරු කර ගන්නා මාර්ගය


යුගල පද යොදා ගෙන කවි නිර්මාණය කර ඇති ආකාරය ද දැක ගැනීමට හැකිය, අපේ සිංහල ජනයා වර්තමානයේ දී පවා යුගල පද ඔවුන් නොදැනුවත්ම භාවිතයට ගනී, ඔබට පුලුවන් නව නිර්මාණයක් හැටියට යුගල පද යොදා ගනිමින් කවි නිර්මාණය කරන්න. එසේ ම " යුගල පද " දෙවන කොටසින් තව දුරටත් යුගල පද ගැන විශේෂ කවි සිතුවිලි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙයි,

( සිංහල යතුරු පුවරුව භාවිතයේ දී යම් යම් වැරදි ඇති විය හැකි ය. )


කතෘ : බිමල් සමන්ත කොඩිකාර
ලිපිය : පාසලට අදාල ලිපියක්
කියවූ ගණන : 26,923
කැමති ගණන : 2




Shaween Yashmitha
All the information I need I got it from here thank you my school. Lk
2023 04 02 09:39:48