වර්ෂාපතනය

වර්ෂාපතනය

වර්ෂාපතනය යනුවෙන් හදුන්වනු ලබන්නේ කිසියම් කාලයක් තුල දී කිසියම්  ප්‍රදේශයකට ලැබෙන මුළු වැසි ප්‍රමාණයයි. වර්ෂාව ව්‍යාප්තිය ප්‍රාදේශීය වශයෙන් වෙනස් වෙයි. ලංකාවට වැසි ලැබෙන ක්‍රම ප්‍රධාන වශයෙන් තුනකි. එනම්,

  1. සංවහන වර්ෂාව
  2. මෝසම් වර්ෂාව
  3. වාසුළි වර්ෂාව

මේ වර්ෂා පිලිබඳ වෙන වෙනම හැදින ගනිමු.

01. සංවහන වර්ෂාව

ශ්‍රී ලංකාව සමකාසන්නව පහිටි රටකි. එම නිසා අවරුද්ද මුළුල්ලේම සංවහන ක්‍රියාවලියේ බලපෑමට ලක් වේ. එනමුත් මෝසම් හා වාසළි යන වර්ෂා ක්‍රියාවලියන් නිසා සමහර අවස්තා වලදී සංවහන වර්ෂාව යටපත් වීම සිදුවේ. එම වර්ෂා ක්‍රම දෙක අවසන් වු විට සංවහන වර්ෂාව ආරම්භ වේ. මෙම වර්ෂා ක්‍රමය කැපී පෙනෙන අවස්ථා දෙකකි.

  • මාර්තු, අප්‍රේල් මාසවල ක්‍රියාත්මක වන පලමු අන්තර් මෝසම් කාලය
  • ඔක්තොම්බර්, නොවැම්බර් මාසවල ක්‍රියාත්මක වන දෙවන අන්තර් මෝසම් කාලය

ශ්‍රී ලංකාවට අවුරද්ද පුරාම හිරු එළිය පවතී. අප්‍රේල් හා සැප්තැම්බර් යන මාසවලදී හිරු මුදුන් වන බැවින් පොළෝතලයට ආසන්නව ඇති වායු රත් වී ඉහල නගී. එම නගින වායු සංවහන වායු ධාරා ලෙස හදුන්වන අතර එම වායුව සිසිල් වී ඇති ජලවාෂ්ප ඝනීභවනය වී වලාකුළු සෑදී වර්ෂාව ඇති කරයි. මෙම වැසි ලැබීමට පෙර උදය වරුවේ පැහැදිලි අහසක් තිබුණ ද දහවල වලාකළු වලින් බරවී සවස් කාලයේ දී වැසි ලබා දීම විශේෂ ලක්ෂණයකි. මෙම වර්ෂාව වැසි අකුණු වැසි, අකුණු කුණාටු වැසි යන නම් වලින් ද හදුන්වනු ලබයි.

02. මෝසම් වැසි

මෙම සුළං අවුරුද්දේ නිශ්චිත කාලයක් තුල දී ගොඩබිම හරහා හමයි. කලකට පමණක් හමන යන අර්ථයෙන් මෝසම් ලෙස නම් කරනු ලබයි. ශ්‍රී ලංකාවට මෙම වැසි ලැබෙන කාල වකවානු දෙකකි. ඒවා නම් පහත පරිදි වෙයි.

  • නිරිත දිග මෝසම්

ශ්‍රී ලංකාවේ නිරිත දෙසින් ඉන්දියන් සාගරය හරහා මෙම සුළං හමා එයි. මෙමගින් ශ්‍රී ලංකාවේ නිරිත හා බටහිර යන ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලබා දෙන අතර මධ්‍ය කඳුකරයේ සුළං මුවාවේ පිහිටි නැගෙනහිර ප්‍රදේශවලට හා අතුරු ප්‍රදේශවලට අධික වැසි නොලැබේ. ලබා දෙයි. මොසම් යනු වියළි සුළඟකි. මෙම සුළඟ මඩ කලපුව ප්‍රදේශය හරහා හැමීමේ දී කච්චාන් යන නමින් හදුන්වනු ලැබේ.

  • ඊසාන දිග මෝසම්

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් හමා එන නිසා ඊසාන දිග මෝසම් ලෙස හදුන්වනු ලබයි. මෙම ඊසාන දිග මෝසම් ඉන්දියාවේ බෙංගාල බොක්ක වැනි කුඩා ජල තල ප්‍රදේශයක් හරහා හමා එයි. මෙම සුලගෙහි ජලවාෂ්ප ප්‍රමාණය අඩුය. මෙම වර්ෂාව මගින් නිරිත දිග මෝසම් වර්ෂාව මෙන් වැඩි වැසි නොලැබේ. එමෙන් ම මෙමගින් ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවලට වැඩි වර්ෂාවක් ලැබේ.

03. වාසුළි වර්ෂාව

මෙරටට ලැබෙන වාසුලි වැඩි වශයෙන් ඇති වන්නේ බෙංගාල බොක්ක ප්‍රදේශයේ ය. මෙම වර්ෂාව ප්‍රබල ව ක්‍රියාත්මක වන්නේ නොවැම්බර් හා දෙසැම්බර් මාස වල දී ය. එනමුදු මෙම වර්ෂාව අවුුරුද්දේ ඕනෑම කාලයක දී ලැබිය හැකිය. මෙම වර්ෂාව මගින් වැඩි වැසි ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශ වලට ය. මෙම වර්ෂාව නැගෙනහිර වෙරළින් රට තුළට පිවිසෙන අතර මෙම වර්ෂාව වයඹ දිග වෙරළින් පිටව යයි. වාසුළි වර්ෂාව ඇති වන බොහෝ අවස්ථා වල දී මෙරට පුරාම වැසි ලැබේ. මෝසම් සුළඟ ඇති වන කාලයේ දී ද මෙම වාසුළි වර්ෂාව ඇති විය හැකිය. සුළගේ තීව්‍රතාව අනුව වායු කැලබීම්, අවපාත, සුළි කුණාටු ආදී නම් වලින් ද මෙම සුළං විශේෂය හදුන්වනු ලබයි.


කතෘ : dilmi diwmini
ලිපිය : තොරතුරක්
කියවූ ගණන : 22,069
කැමති ගණන : 1